හිඟ වැටුප් ගෙවනතුරු ඩේලි මිරර් පුවත් සේවය නවතී.

0
3

හිඟ දීමනා ගෙවෙන තුරු ඩේලි මිරර් ප්‍රවෘත්ති සේවය නවතී

ඩේලි මිරර් පුවත්පත සහ එහි වෙබ් අඩවියේ සේවය කරන ජනමාධ්‍යවේදීන් විසින් මාස දෙකක හිඟ දීමනා සහ පෙබරවාරි මාසයට අදාළ වැටුප් නොගෙවීම හේතුවෙන් ප්‍රවෘත්ති සැපයීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.

පාලනාධිකාරිය විසින් විධායක නොවන ශ්‍රේණියේ සේවකයන්ගේ වැටුප් මාර්තු 5 දින ගෙවීමටත්, විධායක ශ්‍රේණියේ වැටුප් මාර්තු 10 න් පසුව ගෙවීමටත් තීරණය කර ඇති බව වාර්තා වේ.කෙසේ වෙතත්, පසුගිය කාලය පුරා වැටුප් නියමිත වේලාවට නොගෙවීම හේතුවෙන් මාධ්‍යවේදීන් දැඩි ආර්ථික අපහසුතාවයට මුහුණ දී ඇතැයි සඳහන් වේ. මේ පිළිබඳව කළ ඉල්ලීම්වලට ප්‍රමාණවත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් හිඟ මුදල් ගෙවෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඔවුන් පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here