සිහින අගමැතිට චෝදනා රැසක් ඔස්සේ විමර්ශන අරඹයි!

0
52

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නාගරික සංවර්ධන ඇමති ලෙස පත්කර සිටින ප්‍රසන්න රණතුංගගේ සම්බන්ධතාවක් තිබෙන බරපතළ අල්ලස් හෝ දූෂණ ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති වෙත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් චෝදනා 19ක් අඩංගු විමර්ශන ලේඛනයක් ඉදිරිපත් කර ඇත. එම අධිකාරියේ සභාපති ධුරය දරන්නේ ප්‍රසන්න රණතුංගගේ බිරිඳගේ සහෝදරයෙකු බව හෙළි වී තිබේ. අදාළ විමර්ශන ලේඛනය මැයි මස 29 වෙනි දින අල්ලස් කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුචිනි වික්‍රමසිංහ විසින් යොමු කර තිබේ.

රජයේ ඉඩම් නීතියට පරිබාහිරව විකිණීම හෝ බදු දීම සම්බන්ධයෙන් මෙන් ම, රජයේ සම්පත් අයථා පරිහරණය සම්බන්ධයෙන් එම විමර්ශන සිදු කරමින් පවතී. සමස්තයක් ලෙස අදාළ රජයේ වත්කම්වල වටිනාකම රුපියල් කෝටි 500 ඉක්මවන බව අනාවරණය වී ඇත.

එම පරීක්ෂණය සම්බන්ධයෙන් කිසිම සිංහල පුවත්පතක මේ දක්වා තොරතුරු හෙළිකර නොමැත.

ප්‍රසන්න රණතුංග මේ වනවිට රාජපක්ෂ පිලට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටින පොහොට්ටුවේ ප්‍රමුඛයන් දෙදෙනාගෙන් එක් අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here