ස්පා ගිය සිසුවාට සම්බාහන සේවිකාවන්ගෙන් ලිංගික හිරිහැර

0
7

පහළොස් හැවිරිදි බාල වයස්කාර පාසල් ශිෂ්‍යයෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත කුරුණෑගල නගරයේ සම්බාහන ආයතනයක කාන්තාවන් දෙදෙනෙකු කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අපයෝජනයට ලක්වූ ශිෂ්‍යයාගේ දෙමාපියන් විසින් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇත.

කුරුණෑගල ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයා පෙරේදා (9 වැනිදා) පස්වරුවේ පෞද්ගලික පන්තියකට යන බව පවසමින් නිවසින් පැමිණ සැකකාරියන් දෙදෙනා සේවයේ නිරතව සිටි සම්බාහන ආයතනයට ගොස් ඇත.

සම්බාහනයක් බලාපොරොත්තුවෙන් ඒ සඳහා අවශ්‍ය ගාස්තුවද ගෙවා සිටි ශිෂ්‍යාට සේවය සැපයීමට තරුණ කාන්තාවන් දෙදෙනෙකු පැමිණ ඇති බවත් ඔවුන් දෙදෙනා එක්ව ඔහු අපයෝජනයට ලක්කර ඇති බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙලෙස අපයෝජනයට ලක්වීමෙන් ශාරීරික අපහසුතාවට ලක්ව ඇති ශිෂ්‍යයා ඒ පිළිබඳව ඔහුගේ දෙමාපියන් දැනුවත් කිරීමෙන් පසුව පොලිසියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. මෙම සම්බාහන ආයතන නිසි ක්‍රමවේදයකට සහ නියාමනයකට යටත්ව නොමැති බවත් ලිංගික ක්‍රියාකාරකම් සැපයීම සඳහා මෙවැනි සම්බාහන ආයතන ක්‍රියාත්මකව පවතින බවත් පොලීසිය සඳහන් කළේය.

මෙලෙස ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී සමාගම් පනත යටතේ පමණක් ලියාපදිංචිය ලබාගෙන නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන යනු ලබන සම්බාහන ආයතන 60 කට අධික සංඛ්‍යාවක් කුරුණෑගල නගරය තුළ ක්‍රියාත්මක බවත් ඉන් නිසි ක්‍රමවේදයට අනුව පවත්වාගෙන යනු ලබන්නේ ආයතන කීපයක් පමණක් බවත් පොලිසිය පෙන්වා දෙයි.

මෙවැනි සම්බාහන ආයතන වැටලීමට පියවර ගැනීම හේතුවෙන් කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවලට එරෙහිව නඩුවක්ද මේවනවිට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here