සහරා කාන්තාරයේ ජලය පිරෙයි

0
27

දශක ගණනාවකට පසු ලෝකයේ වඩාත්ම ශුෂ්ක, නිසරු ස්ථානයක් ලෙස සැලකෙන සහරා කාන්තාරයේ වැසි ජලය පිරුණු විල් දර්ශනය වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

කලාතුරකින් ගිම්හානයේ අගභාගයේදී වැසි අද්දකින සහරා කාන්තාරයට සාමාන්‍යයෙන් වසරකට වැසි ලැබෙන්නේ අඟල් කිහිපයක් පමණයි.

කෙසේ වෙතත්, සැප්තැම්බර් මාසයේ දින දෙකක් පුරා, වයඹදිග සහරාව හරහා අඩු පීඩන පද්ධතියක් ඇතිවීමෙන් පසුව, ගිනිකොනදිග මොරොක්කෝවේ පිහිටි කාන්තාරයේ කොටස්වලට දැඩි වර්ෂාවක් ඇද හැලුණු බව සඳහන් .

නාසා ආයතනයේ මූලික චන්ද්‍රිකා දත්ත වලට අනුව කලාපයේ සමහර ප්‍රදේශවලට අඟල් 8කට ආසන්න වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

ගිනිකොනදිග මොරොක්කෝවේ කාන්තාර නගරයක් වන Errachidia හි අඟල් 3 කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, එය සැප්තැම්බර් මාසය සඳහා සාමාන්‍ය වර්ෂාපතනය මෙන් හතර ගුණයකටත් වඩා වැඩි අගයක්.

මොරොක්කෝවේ කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ මෙතරම් කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබී ඇත්තේ වසර 30 සිට 50 දක්වා කාලයකට පසුව බවයි.

මෙම අධික වර්ෂාව කාන්තාර භූමිය හරහා ගලා යමින් තල් ගස් සහ ලඳු වෘක්ෂලතා මධ්‍යයේ නව ජල භූ දර්ශනයක් නිර්මාණය කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here