සජිත් රනිල් එකතු කරන්න ගහපු ගේම!

0
34

හරින් සජබෙ කාවින්ද සුජීව හර්ෂණට කතා කරයි.

රංජිත් මද්දුම බණ්ඩාරත් හමුවෙලා සජිත් එක්ක රනිල් එකතු වෙන්න අහලා.හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා පසුගිය දිනෙක සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හමුවී ඇත.

මෙහිදී හරින් ප්‍රනාන්දු පවසා ඇත්තේ අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීම වැලැක්වීමට නම් රනිල් සහ සජිත් එකතු විය යුතු බවයි.මෙහිදී හරින් වැඩිදුරටත් පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය කළ නොහැකි බවත් එබැවින් සජිත් ප්‍රේමදාස සමග එක්වීම අනිවාර්‍යෙන්ම සිදුවිය යුතු බවය.මෙහිදී රංජිත් මද්දුම බණ්ඩාර මෙය කිසිසේත් සිදු නොවන බවත් සියළුම වාර්තා වලට අනුව සමගි ජන බලවේගය ජයග්‍රහණය කරන බව පෙන්වා දී ඇත.

රංජිත් බණ්ඩාර හමුවීමට පෙර හරින් ප්‍රනාන්දු හර්ෂණ රාජකරුණා,සුජීව සේනසිංහ හා කාවින්ද ජයවර්ධනට කතා කර රනිල් සමග සජිත් එකතු කරන ලෙසට දැන්වූවත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here