ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට රතු එළියක්

0
26

ශ්‍රී ලංකා පිතිකරුවන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලිණ කණ්ඩම්බි පවසයි.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ අතිශය දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ තවත් අමිහිරි තරගාවලි පරාජයක් ලැබීමෙන් අනතුරුවය.

“පිතිකරුවන් වශයෙන් මීට වඩා වගකීම් සහගත වෙන්න ඕනේ කියන එක තැන මම අනිවාර්යෙන්ම සිටිනවා. මොකද අපිට ඕනේ තරම් පුහුණ කරන්න පුළුවන්, පුහුණුවීම්වල යෙදෙන්න පුළුවන්, අපිට තොරතුරු දෙන්න පුළුවන් හැබැයි මැදට ගියාම ඊට වඩා ටිකක් ඔළුව කල්පනා කරලා සෙල්ලම් කරන්න ඕනේ. මොකද මේක පළවෙනි වතාව නෙමෙයි. අපිට ලෝක කුසලනයේ බංග්ලාදේශ තරගයේදීත් මේක වුණා. අපි ඒක ගැන කථා කරලා ඒකට සොලියුෂනුත් ඒ අයගෙන් ඇග්‍ර්ඩ් ප්ලෑන් එකට තමයි වැඩ කරන්නේ. හැබැයි ඒ රිසාල්ට් එක එන්නේ නැහැ. මම හිතනවා ටිකක් තද තීරණ ගන්න වෙයි ඉදිරියේදී.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here