වාහන ආනයනයට නිවැරදි ප්‍රතිපත්තියක් හඳුන්වා දිය යුතු බව වාහන ආනයනය කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය.
එසේ වුවහොත් රටේ ආර්ථිකයට අහිතකර බලපෑමක් සිදු නොවන පරිදි වාහන ආනයනය කළ හැකි බව පැවසීය.
වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය ගෙන ඇති තීරණය යහපත් තීරණයක් බව පැවසීය.
ඊට අවශ්‍ය මූලික කටයුතු සිදුවෙයි.
ඒ සඳහා 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර තිබේ.
නිවැරදි වාහන ආනයන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම මගින් රාජ්‍ය ආදායමද වැඩි කර ගත හැකි බව පැවසීය.