ලොහාන් සහ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්

0
6

නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිතා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහුගේ බිරිඳ නොවැම්බර් 22 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here