ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර නව සාකච්ඡා වටයක් ආරම්භ වී තිබේ.
එම සාකච්ඡාවේ ප්රතිඵල අනුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරි සති දෙක ඇතුළත අනිවාර්යෙන්ම ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
ආර්ථිකයට අදාළ කරුණු කිහිපයක් හා පොදුජන පෙරමුණේ ප්රතිපත්ති මාලාවට අදාළ කරුණු සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගැනීමට මෙම සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙයි.
කෙසේ නමුත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ ණය ගෙවිය හැකි හා රට හැදිය හැකි නායකයකු ගැන පක්ෂයේ අවධානය යොමුව ඇති බවයි.