රනිල් අපේක්‍ෂක යෝජනාව සම්මතයි.. පොහොට්ටු මැති ඇමතින් 28ක් වේදිකාවේ..

0
18

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වියයුතු බවට වන යෝජනාවක් කඩවත අද පැවති එක්ව ජයගමු ජන රැලියේදී ඒකමතිකව සම්මත කරගන්නා ලදී.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

ඒ වනවිට වේදිකාවේ රැඳීසිටි පොහොට්ටුවෙි පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 28 දෙනෙකු හා හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් 380 දෙනෙකු සහ රැස්වීමට සහභාගී වූ ජනතාව අත් ඔසවමින් එම යෝජනාව ඒකමතිකව සම්මත කරනු ලැබීය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැන යාමට නොහැකි වනු ඇති බවය.

එබැවින් ජනාධිපතිවරයාගේ තීරණය ඉදිරි සතියේදී රටට දැනුම් දෙනු ඇතැයි තමන් බළාපොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදි සඳහන් ක⁣ළේය.

එයට පිලිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේදී තමන් පිලිතුරු ලබා දෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here