පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරයෙකු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා බලපෑම් සහගත පුද්ගලයෙකු වී ඇති බව කිසියම් තැනකින් බෙදා හරින ලද ප්‍රවෘත්තියකින් හෙළි කර තිබේ.
ඊයේ (ජූලි 31) ඇතැම් වෙබ් අඩවිවල මේ පිළිබඳව සඳහන් වූ අතර අද පුවත්පත් සියල්ලේ ම පාහේ වාර්තාකරුවෙකු නොමැති මෙම ප්‍රවෘත්තිය පළ කර තිබේ. එහි සඳහන් කර තිබෙන්නේ “ජනාධිපතිවරණයට පෙර දූෂණ විරෝධී කෙටුම්පත කැබිනෙට්ටුවට ගේන්න එපා – තරුණ මන්ත්‍රීවරයෙක් ජනපතිගෙන් ඉල්ලයි“ යනුවෙනි. එම ඉල්ලීම අනුව අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අදාළ කෙටුම්පත ඉදිරිපත් කිරීම පිළිබඳව රජයේ ජේෂ්ඨ ඇමතිවරුන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෙළි කර තිබේ.
බෙදා හැර ඇති එම ප්‍රවෘත්තිය අනුව තහවුරු වී තිබෙන්නේ මෙරට විනාශ කරන ලද වංචා හා දූෂණ සම්බන්ධයෙන් අනුප්‍රාප්තික ජනාධිපතිට වඩා ඉහළින් තීන්දු ගත හැකි තරුණ මන්ත්‍රීවරයෙකු සිටින බව ය. මෙම ප්‍රචාරය අනුව ඉඟි කර තිබෙන්නේ නාමල් රාජපක්ෂ පිළිබඳව බව පුරෝකථනය කළ හැකිය.