රනිල්ට ලැජ්ජා නැති බව දිනේෂ් කියයි

0
27

ලබන ජනාධිපතිවරණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීම සඳහා පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණ, මේ වනවිට කැප වී සිටින පිරිස අතරින් අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී ක ප්‍රකාශයක් අඩංගු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ නැවත ප්‍රචාරය වෙමින් තිබේ.

ඔහුගේ එම ප්‍රකාශය තුළ එක්සත් ජාතික පක්ෂය 80 දශකය ආරම්භයේ සිදු කළ මැර දේශපාලනය පිළිබඳව අවධාරණය කරන අතර රනිල් වික්‍රමසිංහට ලැජ්ජාවක් තිබෙනවා නම් එම අතීතය පිළිබඳව ගැඹුරින් කල්පනා කළ යුතු බව අවධාරණය කර ඇත.

දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දක්වන ලද අදහස් මෙසේ ය.

“රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද මෙතන නෑ. ඔහු ප්‍රකාශයක් කළා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ගැන. ඔහුට මොන අයිතියක් ද ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ගැන ප්‍රකාශ කරන්න තියෙන්නේ? ඔහුට අමතක වෙලා තිබෙනවා 1982 නොවැම්බර් මාසේ 25 වෙනිදා ඔහු මේ පාර්ලිමේන්තුවේ කරපු කතාව. අපේ රටේ මහ මැතිවරණය, මේ රටේ මහජනතාවට අහිමි කිරීම හරී කියලා කතා කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනමත විචාරණයක් තියලා අද කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන. ලැජ්ජාවක් තිබෙනවා නම් කල්පනා කරන්න ඕනෑ අවුරුදු 32කට පෙර මේ ඇති කරපු විනාශකාරී ගමන නිසා දහස් ගණන් මේ රටේ තරුණ තරුණියන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන්න ගිහිල්ලා මැරුණු බව. ඒ සියල්ලටම හේතු සාධක වූයේ මේ දේශපාලන තීරණ.“ යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here