රනිල්ට බෑ..!

0
14

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නොපවත්වා සිටීම වෙනුවෙන් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුමන හෝ උපක්‍රමයක් යොදාවි දැයි ජනතාව තුළ අවිනිශ්චිතතාවක් නඩත්තු කිරීම මනෝ විද්‍යාත්මක උපක්‍රමයක් ලෙස භාවිතා කළ බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඔවුන් වැඩි දුරටත් කරුණු සහිතව ප්‍රකාශ කරන්නේ, අඩුම තරමින් ප්‍රචාරක සැලසුම් ක්‍රියාත්මක කිරීමට පවා නොහැකි බංකොලොත් තැනකට රනිල් වික්‍රමසිංහ ඇද වැටී ඇති බව ය. පසුගිය 26 වෙනි දින විදේශ ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම පදනම් කර ගනිමින් විශාල ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කිරීමට සැලසුම් කර තිබුණ ද එය මුළුමනින් ම අසාර්ථක වූ බව ආසන්න නිදර්ශනයක් වශයෙන් පෙන්වා දී තිබේ.

එමෙන් ම, 1994 ජනාධිපතිවරණයෙන් පසුව දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය කඩා වැටුණු බවත් 2001දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් එස්. බී. දිසානායක චන්ද්‍රිකා ජනාධිපතිවරිය සමඟ ඇති කර ගත් ගැටුම පදනම් කර ගෙන පිරිසක් ගලවා ගෙන යාමේ වාසිය රනිල් වික්‍රමසිංහට අත් වූ බව පෙන්වා දෙයි. ඒ අනුව ආණ්ඩු බලය ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත් වුවද එය පවත්වා ගැනීමට පවා නොහැකි වී 2004දී චන්ද්‍රිකා ජනාධිපතිවරිය පාර්ලිමේන්තුව විසිරුවා හැරි බව පෙන්වා දෙයි.

2005 ජනාධිපතිවරණය පරාජයට පත්වීම, 2007දී කරූ ජයසූරිය ඇතුළු 17 දෙනෙකු මහින්ද රාජපක්ෂ සමඟ එක්වීම වළක්වා ගත නොහැකි වීම මෙන් ම සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය කඩා ගෙන ගොස් වෙනම පක්ෂයක් පිහිටුවා ගැනීම වැනි සිදුවීම් පෙළක් රනිල් වික්‍රමසිංහගේ අසාර්ථකත්වය සනාථ කර ඇති බවත් ජනාධිපතිවරණය වැනි තීරණාත්මක මැතිවරණයකට අත තැබීමට ඔහුට කිසිසේත් නොහැකි බවත් පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here