රන් උගස් තැබූ අයට සහන දෙන්න තාම වැඩපිළිවෙළක් නෑ..

0
16

බැංකුවල රන් ආභරණ උකස් කර පුද්ගලයන්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබුණද ඊට අදාළව මේ දක්වා වැඩපිළිවෙළක් සකස් කර නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ඒ හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද විය හැකිය.

බැංකු මගින් අදාළ සහනය ලබා දෙන්නේ නම් ඒ සඳහා වන මුදල් බැංකු වෙත ලැබෙන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රමවේදයක් නොමැති බව පැවසීය.

ඒ හේතුවෙන් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර යුතු බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here