දහම් දිලිත් සමඟ එකතුවෙයි..! ආ සැනින් ලොකු තනතුරකුත්! කපුකම මෛත්රීගෙන්..!
ජනාධිපතිවරණ ප්රතිඵලයත් සමඟ දේශපාලන ක්ෂේත්රය උඩු යටිකුරු වී ගියේය. එළැඹෙන මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් දැනටමත් පිල් මාරු වීම් රැසක් මේ දිනවල සිදුවෙමින් පවතී.ඒ අනුව දිලිත් ජයවීරගේ මවුබිම ජනතා පක්ෂය සමඟ අද දින හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන එක් වීමට කටයුතු සිදු කලේ මෙම දේශපාලන පිල් මාරුවේ එක් දිගුවක් ලෙසිනි.
දහම් සිරිසේන හට පොලොන්නරු දිස්ත්රික් නායකත්වය ලබා දීමට දිලිත් ජයවීර කටයුතු කලේ මෛත්රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් අනුවයි.පාස්කු ප්රහාරයට වැරදිකරු වෙමින් කෝටි 10කට අධික වන්දි මුදලක්ද ගෙවා අධිකරණය හමුවේ චූදිතයෙකු වී සිටින මෛත්රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ අකාරයට දහම් සිරිසේන දේශපාලනයට ගෙන එන්නේ තම ප්රතිරූපය නැවත නගාසිටුවා ගැනීමට බව දේශපාලන ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ මතයයි.
දිලිත් ජයවීරද මෙසේ චූදිතයන් ලන් කරගැනීමෙන් සිදුවන්නේ ඡන්ද පදනම වැඩිකරගැනීමක් නොව තිබෙන ඡන්ද ලක්ෂයද නැතිකරගැනීමකි.