ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ද්‍රේස් මර්සෙලෝ අතර හමුවක් පවත්වා තිබේ.
ඒ, අද (ඔක්. 2) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ය.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු කළ බව ය.
එමෙන් ම, මෙරට කියුබානු තානාපතිවරයා නව ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිබඳ ප්‍රශංසා කර ඇති අතර ශ්‍රී ලංකාව සමග පවතින සහයෝගීතාව වැඩි දියුණු කිරීමට කියුබාව සූදානමින් සිටින බව ද සඳහන් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඩෙංගු මර්දනය සඳහා ශ්‍රී ලංකාව දරන ප්රයත්නයන් සඳහා කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බව මෙහිදී සහතිකවූ බව ය.
ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බව කියුබානු තානාපතිවරයා සඳහන් කර ඇත.