මිල්කො සමාගම සහ ජාතික වතු සංවර්ධන මණ්ඩලය (NLDB) සතු ඉඩම් විකිණීමට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම පිළිබඳ විභාගය අද (1) පෙරවරු 10.30ට සිදු කිරීමට නියමිතය.
මෙම නඩුව ගොනු කර ඇත්තේ කිරි කර්මාන්තය හා ගොවිබිම් සුරැකීමේ ජනතා ව්‍යාපාරය විසිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසූවේ මිල්කො සමාගම සහ ජාතික වතු සංවර්ධන මණ්ඩලය සතු ඉඩම් ලංකාවට සම්පතක් බවත් රටේ දියුණුව උදෙසා මෙම සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ දියුණු වැඩපිළිවෙලක් තමන් සතුව ඇති බවයි.
ඒ සඳහා මෙම සම්පත් රැක ගත යුතු බවත් ඒ වෙනුවෙන් අධිකරණයේදී සාධාරණය ඉටු වෙනු ඇතැයි තමන් බලා පොරොත්තු වන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.