මා ජනාධිපති වී ආර්ථිකය ස්ථාවර කලා-අනුර තංගල්ලේදී කියයි..

0
30

ඉදිරි පෙබරවාරි මාර්තු මාසය වන විට ඉදිරිපත් කරන නව අයවැය ලේඛනය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.තංගල්ල මහජන ක්‍රීඩාංගනයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක රැළියක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

තමන් ජනාධිපති ධුරයට පත් වූ පසු ප්‍රබලම අභියෝගය බවට පත්වී තිබූවේ මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම බවත් එය ඉටු කිරීමට හැකි වූ බවත් හෙතෙම කියා සිටියේය.

ගොවීන් සඳහා පොහොර සහනාධාරයක්ද, ධීයරයන් සඳහා ඉන්ධන සහනාධායක්ද මේ වන විටත් ලබාදෙමින් සිටින බවද පැවසූ ඔහු ඉදිරියේදී දිළිඳු ජනතාවටත් දුබලතාවන් ඇති පුද්ගලයන්ටත් සහන ලබාදීමට කටයුතු කරන බවද කියා සිටියේය.තමන් ජනාධිපති ධුරයට පත් වූ පසු කොළඹ කොටස් වෙළඳපොලට ඇති වූ විශ්වාසය මත එය ඉහළ යමින් ඇති බවද පැවසූ ඔහු ජනාධිපතිවරණයට කලින් පැවසූ පරිදි රුපියල් කඩා නොවැටුණු බවත් රුපියල් ශක්තිමත් වී ඩොලරයේ අගය පහත බසමින් ඇති බවත් ඔහු තව දුරටත් එහිදී පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here