
🔴මාලිමා ආණ්ඩුවේ ගල් අඟුරු හොරකම ගැන මහජන හඩින් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක්.
මාලිමා ආණ්ඩුව විසින් සිදු කල ගල් අඟුරු වංචාව පිළිබඳව ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට මහජන හඬ මෙහෙයුම් කමිටුව සූදානම් කර ඇත.මෙහිදී මෙම ගල් අඟුරු වංචාව පිළිබඳව ඕනෑම ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබාදීම සඳහා ප්‍රශ්නෝත්තර සැසියක්ද පවත්වනු ලබන බවද මහජන හඬ මෙහෙයුම් කමිටුව විසින් දන්වා ඇත.
මේ වනවිට තත්වයෙන් බාල ගල් අඟුරු ගෙන්වීම නිසා සිදුවූ පාඩුව බිලියන ගණනක් බව මහජන හඬ මෙහෙයුම් කමිටුව විසින් පෙන්වා දී ඇත.ඒ අනුව මාර්තු 09 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පස්වරු 3.00ට මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

