මහ මැතිවරණයෙන් සජිත් අගමැති ෂුවර්..

0
12

සමගි ජන බලවේගය මෙවර මහ මැතිවරණයෙන් දිවයින පුරා අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන නව රජයක් පිහිටවන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා පැවසිය.

පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ (06) දින හැටන් නගරයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේදි ජාතික ජන බලවේගයට රටේ බහුතරයක් ජන්දය ලබා දි තිබුණද මහ මැතිවරණයකදි එවැනි බහුතර බලයක් ලබා නොදෙන බවයි.

අලියා සලකුණින් හෝ ගෑස් සිලින්ඩරයේ එල්ලි යලිත් පාර්ලිමේන්තුවට ඒමට කිසියම් වෘත්තිය සමිති නායකයින් පිරිසක් උත්සහ කරමින් සිටින බවත්, වතුකරයේ ජනතාව අලියා සහ ගෑස් සිලින්ඩරය ප්‍රතික්ෂේප කර ඇති බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

දුෂණ වංචා තිබෙන පාර්ලිමේන්තුව නියෝජනය කල හිටපු ජනාධිපතිවරුන් සහ මන්ත්‍රිවරුන් පරාජය මේ වන විට භාරගෙන ඇති බවත්, ඒ අනුව ඇතැම් පිරිස් දේශපාලනයෙන් සදහටම සමුගෙන ඇති බවත්, ඇතැම් පිරිස් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවිමට තිරණය කර ඇති බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

තමන් කිසිදිනෙක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබාදෙන වරප්‍රසාද සියල්ල ලබාගෙන නොමැති බවත්, ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තුවේදිත් එම ක්‍රමය අනුගමනය කරන බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

තවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ සිටින කාලයේ වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට පෙනි සිටි අයෙකු බවත්, මේ වන විට ඔහු රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් වි ඇති නිසා එම ජනතාව වෙනුවෙන් වැඩ කිරිමට අවස්තාව උදා වි ඇති බවයි පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here