මහ මැතිවරණයට පෙර සංදර්ශනයක්?

0
37

ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු හෝ පොහොට්ටු ප්‍රබලයකු අත්අඩංගුවට ගැනීමේ තැතක්ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා එලැඹෙන මහමැතිවරණයට පෙර රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු හෝ පොහොට්ටුවේ ප්‍රබලයකු අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.ගෝඨාභය රාජපක්ෂ ,සරත් වීරසේකර ,ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ ,ඩී.වී චානක,සී.බී රත්නායක අයගෙන් කෙනෙකු හෝ සිරභාරයට ගැනීමට නියමිත බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කළේය.පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේ සම්පත් තුයියකොන්තා ගුවන් හමුදාපති ධුරය බලාපොරොත්තු වුවත් ගෝඨාභය රාජපක්ෂ සම්පත් තුයියකොන්තාව ගුවන් හමුදාපති ධුරයට පත් කළේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here