මහින්දානන්ද ඝාතනය කරන්න රනිල් අනුමැතිය දීලා…

0
48

මේ වනවිට රනිල් වික්‍රමසිංහ සමග එක් වී සිටින ප්‍රධානතම පොහොට්ටු බලකණුවක් වන මහින්දානන්ද අලුත්ගමගේ ජනතාව භීතියට පත් කරමින් රඟ පෑ ජවනිකා පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් තිබෙන අතර 2015 – 2019 කාලයේ තමන්ව ඝාතනය කිරීමට රනිල් වික්‍රමසිංහ අනුමැතිය ලබා දී ඇති බව ප්‍රකාශ කර තිබේ.

ඔහු මෙම ප්‍රකාශය කර තිබෙන්නේ 2020 ජනවාරි 07 වෙනි දින ප්‍රාර්ලිමේන්තුවේදීය.

රංජන් රාමනායකගේ හඩපටවල මේ පිළිබඳව සඳහන්වන්නේ යැයිද එවැනි හඬපට එක්ලක්ෂ විසි එක්දහසක් ඇති බව සඳහන් කරණ මහින්දානන්ද අලුත්ගමගේ තව දුරටත් ප්‍රකාශ කරන්නේ ඒ වනවිට එම හඬපට අතරින් 05ක් පමණක් නිකුත් වී තිබූ බවයි. එම හඩපට අතර තමා ඝාතනය කිරීමට රංජන් රාමනායක රනිල් වික්‍රමසිංහගෙන් අනුමැතිය ඉල්ලා තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ එම අනුමැතිය දී ඇති බවත් ඔහු තවදුරටත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here