මහවැව නගරයේ වෙළෙඳ සංකිර්ණයක ගින්නක්

0
12

මහවැව නගරයේ රෙදිපිලි වෙළදසැලක ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් එම සාප්පු සංකිර්ණයේ තවත් වෙළඳෙසැල් කිහිපයක් ද (23) දින රාත්‍රියේ විනාශ වී ඇතැයි මහවැව පොලිසිය කියයි.

මෙම ගිනි ගැනීම එකම ගොඩනැගිල්ලක පිහිටි රෙදි පිළි වෙළදසැලකින් ආරම්භ වී ඇති බවත් පසුව අනෙක් වෙළදසැල් වෙත ක්‍රමයෙන් පැතිරි ගොස් එම සාප්පු සංකිර්ණ ද සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ මේ වන විට වෙළද සැල් පහක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවය.

හලාවත ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවා දැමූ අතර මහවැව, මාදම්පේ, මාරවිල පොලිස්ථාන වල පොලිස් නිළධාරීන් මෙම ස්ථානයට කැදවා තිබු බව හලාවත උසස් පොලිස් නිළධාරීයකු පැවසීය.

මහවැව නගර මධ්‍යයේ පිහිටි මෙම වෙළද සංකිර්ණය ගිනි ගැනීමත් සමඟ හලාවත කොළඹ මාර්ගයෙ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නවතා දැමීමට පොලිසිය කටයුතු කර තිබූ අතර ඒ සඳහා විකල්ප මාර්ගයක් ලෙස දංකොටුව හොර වංගුව මාර්ගය භාවිතා කිරීමට කටයුතු කරන ලෙසට රියදුරන්ට පොලිසිය දැනුම් දී තිබේ.

ගිනි ගැනිම සිදුවන අවස්ථාවේ දී මහ වැසි පතිත වී තිබුණද වැසි මැදද ගින්න පැතිරි යාම සිදු වු බව පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here