මහජන මුදලින් මාලිගාවක් හැදු ලොක්කෙක් මාට්ටුයි..

0
9

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභාවක හිටපු සභාපති සහ ඔහුගේ සහෝදරිය වන ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීනියකට එෙරහිව අල්ලස් හා දූෂණ ඒකකයට ලැබු පැමිණිල්ලකට අනුව දැනට පරික්ෂන වෙමින් පවතින බව ආරංචි මාර්ග පවසයි.

ප්‍රාදේශීය සභාව මගින් මහජන මුදලෙන් ඉදිකරනු ලැබුණු නව සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව හිටපු සභාපති විසින් තමන්ට තමන්ගේ හිතවත් පිරිසකට සහ තමන්ගේ සහෝදරියට කඩ කාමර ලබාදීම පිළිබඳව එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

තවදුරටත් හිටපු සභාපතිවරයාගේ පාලන කාලයේ තුළ සිදුවූ තවත් දූෂණ වංචා රැසක් සහ හිටපු සභාපතිවරයා මහනුවර ප්‍රදේශයේ සුවිසල් නිවසක් හදන බවටත් තොරතුරු වාර්තා කර ඇත.

මෙම පරීක්ෂණ අවසන් අදියරේ පවතින බව පැවසෙන අතර ඉදිරි සති කිහිපය තුළ අධිකරණයට වාර්තා ඉදිරිපත් කර හිටපු සභාපති සහ ඔහුගේ සහෝදරියට එරහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙනීම සඳහා අවශ්‍යයක් කටයුතු සිදු කරමින් පවතියි.

දිනුශා සෙනවිරතන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here