මන්ත‍්‍රී ධුර විශාල ප‍්‍රමාණයක් එකවර අහෝසි කරන්න යයි..

0
43

ජනාධිපතිවරණය අවසන් වූ වහා මහමැතිවරණය පැවැත්වීමට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වනවිට ඇතැම් පක්ෂවලින් පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයන් පක්ෂයේ මතයට පිටුපා වෙනත් පක්ෂවලින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සහයෝගය ලබා දීමට තීන්දු කර ඇති පසුබිමක් යටතේ යම් හෙයකින් ඔවුන් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් වශයෙන් තේරී පත්වුවහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි වී යාමේ අවදානමක් මේ වනවිට මතුව ඇති තත්ත්වයක් වාර්තා වේ.

සාමාන්‍යයෙන් වෙනත් මැතිවරණවලදී මෙන් නොව පළාත් පාලන මැතිවරණයකදී යම් මන්ත්‍රීවරයකු පක්ෂ මතයට පිටින් කටයුතු කරන්නේ නම් ඔහු හෝ ඇය මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට පක්ෂ මහලේකම්වරයාට අසීමිත බලතල තිබේ.

එසේ පළාත් පාලන මන්ත්‍රීවරයකු පක්ෂ මහලේකම්වරයා විසින් ඉවත් කරන්නේ නම් මැතිවරණ නීතියට අනුව ලයිස්තුවේ ඊළග අපේක්ෂකයා පත් නොකොට පක්ෂ මහලේකම්වරයාගේ අභිමතයට අනුව ලයිස්තුවේ සිටින වෙනත් අයකු පත්කිරීමේ බලයද තිබේ.එය අධිකරණය හමුවේ අභියෝග කළ නොහැකි බවද සදහන්ය.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නාමයෝජනා දී වෙනත් ජනාධිපති අපේක්ෂකයන්ට සහාය දක්වන පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් ජයගතහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි වීමේ දැඩි අවදානමක් මේ වනවිට මතුව ඇති බවක් දැකගන්නට ඇත.

පසුගිය වසරේදී පළාත් පාලන මැතිවරණය කැදවීමට මැතිවරණ කොමිසම පියවර ගත්තද ආණ්ඩුව විසින් ඊට අදාළ මුදල් ප්‍රතිපාදනයන් නිකුත් නොකිරීම හේතුවෙන් එය දින නියමයක්‌ නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිසමට සිදුවිය.

පසුව ඊට එරෙහිව විපක්ෂය අධිකරණයට ගිය අවස්ථාවේදී මැතිවරණය පැවැත්වීමට අදාළ මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කරන ලෙස වගකිවයුතු පාර්ශ්වයන්ට නියෝග නිකුත් කළද මේ දක්වා එය ඉටුවී නොමැත.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයට ලබා දුන් නාමයෝජනා අවලංගු වීමක් සිදුව නොමැත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here