බාබර් අසාම් දෙවැනි වරටත් අස්වෙයි

0
15

පාකිස්තාන එක්දින සහ 20යි 20 කණ්ඩායම්වල නායකත්වය දැරූ බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, සිය පිතිකරණය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටත් වැඩ ප්‍රමාණය කළමනාකරණය සඳහාත් ඔහු එම තීරණය ගන්නා බවයි.

එහි ඔහු සඳහන් කර ඇත්තේ, සිය තීරණය පාකිස්තාන ක්‍රිකට් බලධාරීන්ට පසුගිය මස දැනුම්දුන් බවය.

පසුගිය වසරේ ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඔහු පළමුවරට නායකත්වයෙන් ඉල්ලා අස්විය.

නමුත් මාස 4කට පසුව ඔහුට එක්දින සහ 20යි 20 කණ්ඩායම්වල නායකත්වය පැවරීය.

29 හැවිරිදි මෙම දකුණත් පිතිකරුවා එක්දින ජාත්‍යන්තර තරග 117කදී ලකුණු 5,729ක් සහ 20යි 20 ජාත්‍යන්තර තරග 123කදී ලකුණු 4,145 රැස්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here