පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 57ක් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කළ බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසීය.
හෙක්ටයාර් 01ක් සඳහා රුපියල් 15000 බැගින් 28 දිනයේ එම මුදල් බැංකු ගිණුම් වෙත යොමු කළ බව පැවසීය.
මේ වනවිට රුපියල් මිලියන 113ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ගොවීන්ට මහ කන්නයේ පොහොර සහනාධාරය ලබාදීම සඳහා ලබාදී ඇතිබව පැවසීය.
දැනට වී වගා කටයුතු ආරම්භ කර ඇති දිස්ත්රික්ක කිහිපයක් සඳහා එම මුදල් ලබාදුන් බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
ඉදිරියේදී වගා කටයුතු ආරම්භ කරන පිළිවෙළ අනුව මුදල් නිකුත් කරන බව වැඩිදුරටත් පැවසීය.