පොලිස්පතිවරෙයකු හෝ වැඩ බලන පොලිස්පතිවරයකු නොමැති වීම නිසා පොලිසියේ පරිපාලන කටයුතු බොහෝ සෙයින් ඇනහිට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
සියලු මිලදී ගැනීම් කටයුතු නඩත්තු කටයුතු ඇතුළු ප‍්‍රසම්පාදන ක්‍රියාවලියට මේ හරහා දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
ජාතික පොලිස් කොමිසම සමග සම්බන්ධීකරණ කටයුතුද අඩාල වී ඇත.
පොලිස් නිලධාරීන්ගේ විශේෂ රාජකාරී කටයුතු සඳහා යොමු කිරීම, ස්ථාන මාරුවීම්, නිවාඩු ලබා ගැනීම්, විනය නියෝග, මුදල් අනුමත කිරීම් ඇතුළු අංශ ගණනාවක් තවදුරටත් අඩාල වී තිබේ.
උද්ගත වී මෙම ඇති තත්ත්වය හමුවේ පොලිසියේ කටයුතු තවදුරටත් කරගෙන යමු අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කර තිබේ.
මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ පොලිස් ඉතිහාසයේ පළමු වතාවටයි.
යුක්තිය මෙහෙයුමේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ගේ දෛනික ආහාර දිමනාව වශයෙන් හෝ ගෙවූ මුදල් ගෙවීමටද නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වාරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයක් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති අතර ඒ වෙනුවෙන් වැඩ බලන පොලිස්පති වරයෙකු පත් කරන ලෙසද නියෝග කර තිබේ.
නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය අපේක්‍ෂකයෙකු ලෙස තරග වදින නිදා මෙතෙක් එම පත් කිරීම කර නැත.
කෙසේ හෝ කඩිනමින් පොලිස්පතිවරයකු පත් නොවුනහොත් තත්ත්වය මීට වඩා උග්‍ර විය හැකි බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියා සිටී.