ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට මාලිමාව පාර කියනවා.! – කේෂාල් ජයසිංහ කියයි

0
16

අද වන විට ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මාලිමාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බවත් ඒ හරහා මාලිමාව ප්‍රජාතන්ත්‍රවාදය මළගමට පාර කියමින් සිටින බවත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ‘සිලින්ඩරය ‘ ලකුණ යටතේ කොළඹ දිස්ත්රීකයේ අපේක්ෂයකු ලෙස ඉදිරිපත්ව සිටින කේෂාල් ජයසිංහ පැවසීය.

ඔහු එබව කියා සිටියේ උතුරු කොළඹ ප්‍රදේශයේ අද (02) පැවති ජන හමුවකදීය.

පාර්ලිමේන්තු මැතිවරණයකදි සාමාන්‍යයෙන් සිදු වන්නේ ඡන්ද දායකයන් විසින් තමන්ට කැමති නියෝජිතයන් පත් කිරිම වන අතර නියෝජිතයන්ට ඡන්ද දායකයන් කරා ගොස් තමන් කිරිමට අපේක්ෂා කරන වැඩ කටයුතු පිළිබඳ දැනුවත් කළ හැකි බවත් කේෂාල් ජයසිංහ එහිදී පැවසිය.

ඡන්ද දායකයාට තමා ඡන්දය ලබා දෙන අපේක්ෂකයාගෙන් ප්‍රශ්න කිරීමට හැකිවීම තුලින් ඡන්ද දායකයා හරහා නියෝජිතයා අතර සම්බන්ධයක් ගොඩ නැගෙන අතර දැන් සිදු වෙමින් යන්නේ මාලිමාවේ අපේක්ෂකයන්ට ඡන්ද දායකයන් හමුවට ගොස් තමන් ඉදිරිපත් විමේ අභිප්‍රායන් ප්‍රකාශ කිරීමේ ඉඩකඩ ඇහිරීම බවත් එය ජනතා විමුක්ති පෙරමුණ කරනු ලබන බලපෑමක් බවත් හෙතෙම සඳහන් කළේය.

‌මෙවර ජනාධිපතිවරණයේදි ජනාධිපතිට ලැබුණු ඡන්ද වලින් සාතිශය බහුතරයක් සමන්විත වන්නේ ජනතා විමුක්ති පෙරමුණට අදාළ ඡන්ද පදනමින් නොවන බව කී හෙතෙම එවක ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ තම පක්ෂයද මාලිමාවේ කොටස්කාරයෙක් බවය. නමුත් දැන් මාලිමාවේ අනිත් කොටස්කරුවන් හොද්දක කරපිංචා නැටි බවට පත්විමට සිදු වි ඇති බව කී කේෂාල්, පක්ෂයේ මහා ලේකම්ට අවශ්‍ය විදියට පාර්ලිමේන්තුවක් සාදා ගැනිම දැන් සිදුවෙමින් පවතින බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here