නාමල් පැත්තකට දාලා ගහන්න ගිය ගේමත් ‌ආපිට කැරකෙයි! ඊයෙ රෑ රනිල් හදිසි සාකච්ඡාවකට නාමල්ට එන්න කියලා! නාමල් රනිල්ගේ මුහුණටම පොහොට්ටුවේ තීන්දුව කියලා! සාකච්ඡාව බොහොම උණුසුම්!

0
15

ජනාධිපතිවරයා සහ නාමල් රාජපක්ෂ මහතා අතර ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.

ජනාධිපතිවරයාගෙන් නාමල් රාජපක්ෂ මහතා වෙත ලැබුණු ආරාධනාවකට අනුව මෙම සාකච්ඡාව පැවැත්වී ඇති බව පැවසේ.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නාමල්ගෙන් කරුණු විමසා ඇති බවත්, එහිදී නාමල් ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයතු ඉදිරිපත් කරන බව ඍජුවම ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කොට ඇති බවත් දැනගන්නට ඇත.

ඒ අනුව සාකච්ඡාව තරමක් උණුසුම් එකක් වී ඇති බවද දැනගන්නට තිබේ.

මීට පෙර ජනාධිපතිවරයා මෙම මාතෘකාව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කොට නොතිබූ අතර රාජපක්ෂ පවුලේ අනෙක් සාමාජිකයන් සමග පමණක් සාකච්ඡා කිරීමට කටයුතු කොට තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here