දේශප්‍රේමීත්වය මතින් ව්‍යවසායක රාජ්‍යයක් කරා යනවා…! – දිලිත්…

0
12

සිය පක්ෂය දේශප්‍රේමී ජාතිකවාදී කඳවුර ශක්තිමත් කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, එම පක්ෂයේ සභාපති රොෂාන් රණසිංහ කළුතර දිස්ත්‍රික්ක නායක සහ මතුගම සංවිධායක ධුරයට පත්කිරීමේ අවස්ථාවට අද (08) එකතු වෙමිනි.

දේශප්‍රේමී ජාතිකවාදී දේශපාලනය මේ භූමියෙන් කිසිදා තුරන් කළ නොහැකි බව තව දුරටත් තහවුරු කරමින් තමන් ජයග්‍රාහී ගමනක නිරතව සිටින බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

මෙරට ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනඟා සතුටු දැයක් බිහිකරගත හැක්කේ මේ රටේ ජාතිකත්වය තහවුරු කරගැනීමෙන් පමණක් යැයි ද හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here