දැරියකට අතවර කලැයි විදුහල්පතිට ගුටි පූජාවක්..

0
25

මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ මීගමුවේ ප්‍රසිද්ධ විද්‍යාලයක විදුහල්පතිවරයකු එම පාසලේ අවුරුදු එකොළහක ළාබාල දැරියකට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියේ දැරියගේ පියා සහ බාප්පා විද්‍යාලය තුළදී විදුහල්පතිවරයාට පහර දුන්නේ යැයි චෝදනා ලබති.

රජයේ සේවකයකුව සිටියදී එම විදුහල්පතිවරයාට පහරදීම හේතුවෙන් එම සැකකාර දැරියගේ පියා සහ බාප්පා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 12 වැනි දින අධිකරණයට ඉදිරිපත් කළ පසු මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා මෙම මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

එම සිද්ධියෙන් පසු විදුහල්පතිවරයා විද්‍යාලයේ රැඳී සිටියදී දැරියගේ පියා බාප්පා සහ මව පැමිණ විද්‍යාලය තුළ ඝෝෂා කරමින් හැසුරුණු බවත්, පියා විසින් තමාට බරපතළ පා පහරක් එල්ල කළ බවත් විදුහල්පතිවරයා පැමිණිල්ලෙන් කියා ඇත. මේ නිසා තමන්ට දැඩි වේදනාවක් ඇති වූ බවත් පවසා ඇත.

මෙම අය සමඟ තවත් පිරිසක් ද පැමිණ විවිධ තර්ජන කළ බවත් පැමිණිල්ලෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කොච්චිකඩේ – ඩී. මිහිඳු කුල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here