දැන් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් වෙලා විදෙස්ගත ශ්‍රමිකයෝ ඩොලර් වැඩිපුරත් එක්ක එවනවා-ජනපති කියයි

0
26

ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා නොදුන් ඡන්ද දායකයින් පවා පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි නියත වශයෙන් ජාතික ජන බල වේගයට ජන්දය ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා (27) පස්වරුවේ ගාල්ල බද්දේගම කුම්මේ ක්‍රීඩාංගණයේ පැවති “රට හදන අපි එකට” ජයග්‍රාහි රැළිය අමතමින් පැවසීය.

ජනාධිපතිවරණයේදී එවක පාලකයින් ජාතික ජන බලවේගය පිළිබඳ භීතියක් ඡන්ද දායකයින් තුළ මැව්වේය.

එය මේවනවිට අසත්‍ය ප්‍රකාශ බවට ඔප්පු වී තිබේ.

පසුගිය පාලනයට වඩා වත්මන් පාලනය තුළ විදේශීය සබදතා ශක්තිමත් වී තිබේ.

අලුතින් පාර්ලිමේන්තුවට පැමිණෙන පුද්ගලයන්ට රට පාලනය කිරීමට පුරුද්දක් නොමැති බවට ප්‍රචාරයක් ගෙන යයි.

ඒ හේතුවෙන් හිටපු දේශපාලකඥායින්ට නැවත බලය ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇතිබව පැවසීය.

හිටපු දේශපාලකඥායින්ට වංචා,දූෂණ ,අක්‍රමිකතා සිදුකිරීමට පමණක් පුරුදු බව ජනාධිපතිවරයා පැවසීය.

ඒ හේතුවෙන් දේශපාලනය පුරුදු අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවිය යුතුය.

තරුණ තරුණියන්ට පැවති දේශපාලනය එපා වී තිබිණි.

දේශපාලනය පැවති රජයන් වියාපාරක් බවට පත්කර ගෙන තිබිණි.

එමගින් ජනතාව පීඩාවට පත්වන බව පැවසීය.

එය වත්මන් රජය මහජන වියාපාරයක් බවට පත්කරන බව පැවසීය.

එය මේවනවිට ආරම්භ කර තිබේ.

නොවැම්බර් 14 පසුව එය ශක්තිමත් කරන බව එහිදී ජනාධිපතිවරයා පැවසීය.

මංත්‍රීවරුන් වෙනුවෙන් වැයකරන වරප්‍රසාද කප්පාදු කරන බව පැවසීය.

හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වැයකරන මහජන මුදල් කප්පාදු කරන බව පැවසීය.

එය පලි ගැනීමක් නොවන බව එහිදී පැවසීය.

රාජ්‍ය සේවය කාර්‍යක්ශම කරන බව පැවසීය.

ඒ සඳහා ඩිජිටල් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව පැවසීය.

ඒ සඳහා සුවිශේෂී දැනුමක් ඇති පුද්ගලයකු නුදුරේදී දිවයිනට පැමිණෙන බව පැවසීය.

ඔහුගේ දැනුම නොමිලේ රටට ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

වත්මන් රජය පිළිබඳ විදේශීය ශ්‍රමිකයන් විශ්වාසය තබා විදේශීය ප්‍රේෂන වැඩි වශයෙන් එවන බව පැවසීය.

දූෂිතයන්ට දඬුවම් දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව පැවසීය.

නව කැබිනට් මණ්ඩලය 25 සීමා කරන බව පැවසීය.

ඊට අවශ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරු ද පත්කරන බව පැවසීය.

කෘෂිකර්මාන්තය ඉතා උසස් මට්ටමට ගෙන එන අතර සහනාධාර වැඩපිළිවෙළ ශක්තිමත් කරන බව පැවසීය.

අධ්‍යාපන ශේත්‍රය ශක්තිමත් කරන අතර සියලු පාසල් පිළිබඳ අධ්‍යනය කර සියලු අතින් සංවර්ධනය කරන බව පැවසීය.

රටතුළ නිදහස් මැතිවරණ පළමු වරට පැවැත්වූයේ වත්මන් රජය බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here