තායිවානයට ප්‍රබල සුළි කුණාටුවක්!

0
23

ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් තායිවානයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

“ගයිමි” ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 240ක වේගයෙන් තායිවානයට ඇතුළු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය සැලකෙන්නේ වසර 08කට පසු තායිවානයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව ලෙසයි.

මේ වන විටත් සුළි කුණාටුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර සිය ගණනක් තුවාල ලබා තිබෙනවා.

මෙම සුළි කුණාටුව හේතුවෙන් සියලුම අභ්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර ඇති අතර අවලංගු වී ඇති ජාත්‍යන්තර ගුවන් ගමන් සංඛ්‍යාව 200කට අධිකයි.

තායිවාන ආණ්ඩුව විසින් ඊයේ දිනය සුළි කුණාටු දිනයක් ලෙසටද ප්‍රකාශයට පත් කර තිබුණා.

මේ හේතුවෙන් වාර්ෂිකව පැවැත්වීමට තිබූ දැවැන්තම හමුදා අභ්‍යාසයද අවලංගු කිරීමටයි එරට බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here