කොළඹ රාජකීයයන්ට එරෙහිව මොරටුව සෙබෙස්තියන් කණ්ඩායමට විශිෂ්ට ජයක්

0
103

වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලය අතර පැවති තරගයෙන් ඉනිමක සහ ලකුණු 8ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සෙබෙස්තියන් කණ්ඩායම සමත් විය.

ඔක්තෝබර් 4 සහ 5 යන දිනයන්හි තරගය පැවතියේ, මොරටුව ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ය.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් රාජකීය විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් සියලු කඩුලු දැවී ලකුණු 222ක් රැස් කළේ ය.

යසිඳු දිසානායක ලකුණු 86ක් රැස් කළ අතර ශේන් අබේරත්න ලකුණු 59ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී සෙබෙස්තියන් කණ්ඩායමේ මලින්ද සිල්වා කඩුලු 4ක් බිඳ හෙළීය.

ශාන්ත සෙබෙස්තියන් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 369ක් රැස් කළේ ය.

ආරම්භක පිතිකරු ලෙස පන්දුවට පහර දුන් උෂේන් සිල්වා පන්දු 55කදී වේගවත් ලකුණු 89ක් රැස් කිරීමට සමත් විය.

ඊට අමතරව, රයන් දිසානායක ලකුණු 106ක් රැස් කළ අතර කවීෂ මලවිආරච්චි ලකුණු 53ක් රැස් කළේ ය.

පන්දු යැවීමේදී රාජකීය විද්‍යාලයේ අනුෂ් පොලොන්නෝවිට කඩුලු 4ක් බිඳ හෙළීය.

රාජකීය විද්‍යාලයේ දෙවන ඉනිම ලකුණු 139කට සීමා කිරීමට සෙබෙස්තියන් පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී ද මලින්ද සිල්වා කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් විය.

ඒ අනුව, මොරටුව ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 8ක විශිෂ්ට ජයක් හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here