උද්දමනය යලි ඉහලට…

0
22
Business chart with glowing arrows and world map

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූලි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී ඇත. එය 2024 ජූනි මාසය සඳහා 1.7% ක් ලෙස වාර්තා වී තිබුණි.

2024 ජූලි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 1.5% දක්වා වැඩි වී ඇති අතර 2024 ජූනි මාසයේ දී එය වාර්තා වුයේ 1.4% ක් ලෙසයි.

එමෙන්ම, 2024 ජූලි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2.8% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2024 ජූනි මාසයේ දී 1.8% ක් ලෙස වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here