උතුරු දුම්රියේ වේගය බාල වෙයි

0
8

පැයට කිලෝමීටර් සියයක වේගයකින් ධාවනය කරවීමේ අරමුණින් නවීකරණය කරන ලද උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර කොටසේ අසම්පූර්ණ ඉදිකිරීම් මත එම කොටසේ දුමිරිය ධාවනය පැයට කිලෝමීටර් හතළිහට අඩු වේගයකට සීමා කරන ලෙස උපදෙස් දී තිබේ.

එම උපදෙස් දෙන ලද්දේ දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස් මුදලිගේ සහ දුමිරිය රියදුරන්, නියාමකයන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (09 වැනිදා) දුම්රිය මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකදීය.

මෙම දුම්රිය මාර්ගය ලබන 22 වැනිදා විවෘත කිරීමට කටයුතු කරන ලෙසත් අසම්පූර්ණ ප්‍රතිසංස්කරණයන් නිවැරදි කරගැනීම සඳහා මාස හයක කාලයක් අවම වේගයකින් දුම්රිය ධාවනය කරන ලෙසත් සාමාන්‍යාධිකාරීවරයා උපදෙස් දුන් බව දුමිරිය ස්වශක්ති සේවක සංගම ලේකම් එම්.ජේ. රොබට්ස් පැවසීය.

මේ හේතුවෙන් කිලෝමීටර් 64ක දුරක් පැයක කාලයකින් ගමන් කරවීමට ගත් උත්සහාය පැය දෙහකමාරක් වැනි කාලයකට දිග්ගැසී ඇති බවද හෙතෙම කීවේය.

රුපියල් කෝටි 3000ක පිරිවැයක් දරමින් මහව සිට අනුරාධපුර දක්වා කොටසේ ඉදිකිරීම් ඉන්දීය සමාගමක් විසින් සිදුකළ අතර එම සමාගමෙන් නිල වශයෙන් දුම්රිය මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුව භාරගෙන තිබිණි.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ අසම්පූර්ණතා මත මෙම මාර්ග කොටසේ දුම්රිය ධාවනය කරවීමේ හෝ වෙනත් කිසිදු කටයුත්තක වගකීම් භාර නොගැනීමට තම සංගමය තීරණය කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here