උඩ ගිය විජේදාස බිමට කඩා වැටේ..

0
47

තමන් දරන ලද අමාත්‍ය ධුරයද අතහැර දමමින් මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයකුව ඉදිරිපත් වී සිටින විජයදාස රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉවත්ව වෙනත් අපේක්‍ෂකයෙකුට සහාය පල කරනු ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

විජේදාස රාජපක්ෂ මහතා ද සඳහන් කරන්නේ තමන්ට ද එවන් තොරතුරක් ලැබී ඇති බවය.

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහයෝගය ලැබුණොත් බාරගන්නා බවත් නොලැබුනොත් එයද භාරගන්නා බවත් ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් මීට පෙරද මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වූ විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here