අරක්කු කාල 100කින් බස්සන්න – සුරාබදු කොමසාරිස් කියයි

0
33

මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඊයේ (01 වැනිදා) ඉල්ලීමක් කර ඇත. ඒ මත්පැන් නිෂ්පාදකයන් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති විශේෂ රැස්වීමකදීය.

මෙහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දී ඇත්තේ මත්පැන් මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩිවී ඇති බවය. එය වළක්වා ගැනීම සදහා මත්පැන් මිල අඩු කරන ලෙසය.

මේ වනවිට එතනෝල් ලීටරයක මිල රුපියල් හයසියයත් හත්සියයත් අතර මිලකට අඩුවී තිබීම නිසා මත්පැන් මිල අඩු කිරීමේ හැකියාවක් ඇති බවද ඔහු පෙන්වා දී ඇත.

තවද මිල ඉහළ යාම නිසා මත්පැන් අලවිය සියයට හතලිහකින් අඩුවී ඇති බවද මෙහිදී අවධාරණය විණි.

එහෙත් මත්පැන් නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ සුරාබදු සහ මත්පැන් නිෂ්පාදන අමුද්‍රව්‍යවලට පනවා ඇති බදු නිසා මිල අඩු කිරීමට නොහැකි බවය.

කෙසේ වෙතත් දිවයින පුරා දෛනිකව සිදුවන මත්පැන් අලෙවියෙන් සියයට පනහක්ම අලෙවි වන්නේ කාලේ බෝතල්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here