අපි ආවම හදන සියළු බලාගාර ප‍්‍රයිවට්.. එනිසා දැන් රජයේ බලාගාර විකුණන්න එපා..- මාලිමා චතුරංග අබේසිංහ

0
137

ඉදිරියේදී පිහිටුවනු ලබන ජාතික ජන බලවේග රජයක් යටතේ විදුලි බල ක්ෂේත්‍රයේට සිදු කරන නව විදුලි උත්පාදන ව්‍යාපෘති සියල්ලම පුද්ගලික ආයෝජන හරහා සිදුවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

2026 හා ඉන් එපිටට මෙරට විදුලි අවශ්‍යතාවය තවත් මෙගාවොට් දෙදහක් හෝ ඊට වැඩිපුර අවශ්‍ය බවට ගණනය කර ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

එනිසා දැනට රජය සතුව පවතින මෙගාවොට් හාරදහසක විදුලි උත්පාදන විභවයන් පුද්ගලීකරණය නොකර රජය සතුව තබා ගත යුතු බවද ඔහු කියා සිටී.

ඒ හරහා බලශක්ති ක්ෂේත්‍රයේ රජයේ පංගුව රැක ගැනීමට හැකියාව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ඒ මහතා මෙම අදහස් පළ කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here