අගමැතිධූරය ඉල්ලා රනිල්ගේ පිරිස කණ්ඩායම් බෙදී කුලල් කා ගනී

0
36

අගමැතිධූරයට කා කොටා ගැනීම ඇරඹේ..

මේ වන විට දේශපාලන පිටියේ නොයෙකුත් පුවත් මවන කාලසීමාවක් බවට මෙම දවස් කිහිපය පත්ව තිබේ.මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමඟ සංධානයක් සෑදීම සදහා පොහොට්ටුවෙන් ඉවත් වී ඇති ප්‍රසන්න පිලත්,නිමල් ලංසා පිලත්,නිදහස් පක්ෂයේ කොටසකුත් සූදානම්ව සිටී.

නමුත් මෙහි අගමැතිධූරය සඳහා අලුයට ගිනි මතු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.ඒ නිමල් ලංසා අනුර ප්‍රියදරශන යාපා ඇතුලු නව සංධානය පවසන්නේ මීලඟ අග්‍රාමාත්‍යධූරය අනුර ප්‍රියදර්ශන හෝ සුසිල් ප්‍රේමජයන්ත්ට ලැබිය යුතු බවයි.ඒ අතර වත්මන් අගමැති දිනේශ් ගුණවර්ධනද පොහොට්ටුව අතහැර පැමිණ ඇත්තේ මීලග අග්‍රාමාත්‍යධූරය අපේක්ෂාවෙනි.එමෙන්ම පොහොට්ටුවෙන් කැඩිආ පිරිසෙන් මහින්දානන්ද අලුත්ගමගේ සහ ප්‍රසන්න රණතුංග අතරද අගමැතිධූරයට සීතල යුද්ධයක් ආරම්භ වී ඇත.එමෙන්ම මීලඟ ආණ්ඩුවෙන් සාගල රත්නායකට හෝ රවී කරුණානායකට අගමැතිධූරය හිමිවියුතු බවට එක්සත් ජාතික පක්ෂය දැඩි ස්ථාවරයක සිටී.

ජනාධිපතිවරණය ජය ගැනීමටත් එකට එකතු වූ මෙම පිරිස අතර සතියක් ගතවීමට මත්තෙන් මේ ආකාරයේ බෙදීමක් ඇතිවී තිබීම විශේෂ කරුණකි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here