රනිල් දින්නාම මං යලි ආණ්ඩුකාර වෙනවා..- නවීන්

0
36

මෙරටට එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් විකල්පයක් නොමැති බවත් රටෙි නායකත්වය භර ගැනිමට කිසිවෙකු ඉදිරිපත් නොවුණු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගෙන සාමාන්‍ය තත්ත්වයට පත් කල බවත් සබරගමු පලාත් ආණ්ඩුකාර හිටපු අමාත්‍ය නවින් දිසානායක මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ බලන්ගොඩ ආසන සංවිධායක ලසන්ත විජේරිය මහතා විසින් බලන්ගොඩ ප්‍රදේශයේදි සංවිධානය කල කල ජන හමුවකට එක්වෙම්න් ඒ මහතා මේ බව කියා සිටියේය.

ඉදිරි ජනාධිපති වරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන නැවතත් ජනාධිපතිවරයා ලෙස පත්වෙන බවත් ඔහු එහිදී කීය.

තමන්ගේ පියා ජිවතුන් අතර සිටින කාලයේදී පවා සදහන් කර සිටියේ මේ ර⁣ට කඩා වැටුනු හැම අවස්ථාවකදීම ගොඩ ගත්තේ එක්සත් ජාතික පක්ෂය කියා පැවසූ බවත් හෙතෙම සදහන් කලේය.

රනිල් වික්‍රමසිංහ මහතා ⁣නැවතත් මෙිි රටෙි ජනාධිපති වරයා බවට පත්වෙන බවත් ඉන් පසු තමන් යලිත් ආණ්ඩුකාරවරයා බවට පත් වෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here