මාරක අනතුරු කිහිපයකින් තිදෙනෙක් මරුට

0
25

දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (10) මෙම අනතුරු සිදුව ඇති බවය.

වලපනේ පොලිස් වසමේ මහනුවර වලපනේ මාර්ගයේ ආර්.ඩී.ඒ හන්දිය අසලදී මහනුවර දෙස සිට වලපනේ දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථය මාර්ගයේ ගමන් ගත් අවුරුදු 7ක පිරිමි දරුවෙකුගේ හා අවුරුදු 15ක ගැහැණු දරුවෙකුගේ ගැටී අනතුරුව මාර්ගයේ නවතා තිබූ තවත් ත්‍රීරෝද රථයක ගැටී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ළමුන් දෙදෙනාගෙන් පිරිමි ළමයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරණකරු මුලහල්කැලේ, වලපනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර පාදුක්ක තුම්මෝදර ඉහළ බෝපේ මාර්ගයේ පෙට්ටිගල බෑවුම් ප්‍රදේශයේදී තුම්මෝදර දෙස සිට ඉහළ බෝපේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලීගොස් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු රෝහල්ගත කිරීමේදි මියගොස් තිබේ.

මරණකරු අවුරුදු 53ක් වූ දබෝර තුන්මෝදර ප්‍රදේශයේ පදිංචි පාදුක්ක පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලද පොලිස් සැරයන්වරයෙකි.

තවද පාදුක්ක පොලිස් වසමේ කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ තුන්නාන ප්‍රදේශයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිසාවටම ඉදිරියෙන් ගමන් ගත් තවත් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරන් ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදියේ පසු-පැදිකාරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 43ක් වූ දබෝර, හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here