සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාගේ නම උත්සවාකාරයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පවසනවා.
ඔහු ප්‍රකාශ කළේ, ඒ සඳහා වන කටයුතු මේ වනවිට සිදු කරමින් සිටින බවයි.
පසුගිය මාස කිහිපය පුරා දීව ව්‍යාප්තව ආසන බල මණ්ඩල සහ කමිටු රැස්වීම් සංවිධාන කළ බවත් ඉන් පොහොට්ටුව තවත් ශක්තිමත් වී ඇති බවත් ඒ මහතා අවධාරණය කර සිටියා.
“පොහොට්ටුව ජනාධිපතිවරණයට තරග කරනවා. ඒ අපේක්ෂකයා තනි වෙන්නේ නැහැ. ඒ අපේක්ෂයා එක්ක පොහොට්ටුවේ, එහෙමත් නැත්නම් අපේ කඳවුරේ තියෙන මහජන මතය ඒ අපේක්ෂකයා වට රොදබැඳ ගන්නවා. එය ජයග්‍රාහී මැතිවරණයක් බවට පරිවර්තනය වන්නේ එතැන දී.
ඒ අනුව අපි ඉතාම විශිෂ්ට ජයග්‍රහණයක් වෙත යන මූලික අවස්ථාව. අපේක්ෂකයා ව නාමික නම් කිරීම අපේ ඊළඟ අදියර. මේ තමයි පළවෙනි අදිරය. අපි තරග කරනවා කියලා තීරණය කිරීම සහ එය ප්‍රකාශ කිරීම. ඉන් අනතුරුව තමයි අපේක්ෂකයා කවුරුන් ද යන්න රටට මහජනතාවට නිල වශයෙන් අනාවරණ කරලා අපේ මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට අරගෙන යන්නේ. ඉතාමත් සීමිත දින කිහිපයක් ඇතුළත අපේක්ෂකයා නම් කිරීම සිදු කිරීමට නියමිතයි.
පොහොට්ටුව මේ ඡන්දයට එනවා නේද කියන කුතුහලයෙන් යුතු ප්‍රශ්න කිරීමක් තිබුණා නේ, ඒකෙන් අපේ කැම්පේන් එක ඉහළම තැනකට ආවා. ඒ සඳහා වන නිශ්චිත උත්තරය තමා ලැබුණේ. පුරුදු පරිදි ජයග්‍රහණය ඉලක්ක කරගනිමින් ඉස්සරහට යනවා.
අපේක්ෂකයා නිල වශයෙන් නම් කිරීමේ උත්සවය සැලසුම් කරන්න තමා අපි කාලය ගන්නේ. වෙන දෙයකට නෙවෙයි. ඒක ආකර්ශනීය අවස්ථාවක් බවට පත් කරන්න ඔනේ. ඒ සඳහා තමා අපි මේ දින කිහිපය පාවිච්චි කරන්නේ.”