විපක්ෂ දේශපාලන පක්ෂ මේ වන විට සන්ධාන ගොඩනඟාගෙන මැතිවරණයට මුහුණ දීමට සූදානම් වන බවත් එහි වරදක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ කෙසේ වුව ද ආණ්ඩුවේ වැඩපිළිවෙළට බාධා කරමින් කකුලෙන් ඇදීමට කටයුතු නොකළ යුතු බවයි.
225ම හොරු යැයි පැවසුව ද හොරු නොවන පිරිසට වඩා වැඩි ඡන්ද ලක්ෂ 25කට වඩා හොරු ලබා ඇති බව ද එස්.බී. දිසානායක කීය.