Site icon Gossip Kade

ITAK තනිවම එන තීරණයක

මෙවර මහ මැතිවරණය සඳහා ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂය එම පක්ෂයේ නම සහ ලාංඡනය යටතේ තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

ඒ අනුව, එක් එක් දිස්ත්‍රික්කය සඳහා කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරන බවත් අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වෙනුවෙන් තරග කරන කණ්ඩායම් සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට නියමිත බැවින් තවමත් නාමයෝජනා ලැයිස්තු අවසන් කර නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ එම පක්ෂයේ නාමයෝජනා කමිටුව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Exit mobile version