Site icon Gossip Kade

ෆොන්සේකා සභාපති කර තිබෙන්නේ සජිත්ටත් හොරෙන්?

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ ධාරාවෙන් පැමිණි අයෙකු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ.

සමගි ජන බලවේගය පිහිටුවා ගනිමින් 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ආසන්නයේ දී එම පක්ෂයේ සභාපති ධුරයට සරත් ෆොන්සේකා තෝරා පත් කර ගනු ලැබීය. එම මැතිවරණ වේදිකාවල දී සජිත් ප්‍රේමදාස සඳහන් කළේ ඔහුට ආරක්ෂක ඇමති තනතුර ලබා දී දූෂිතයන් සහ හොරුන් ඇල්ලීමට ක්‍රියා කරන බව ය.

මේ වනවිට එම පක්ෂය තුළ හට ගෙන තිබෙන බරපතළ අභ්‍යන්තර ගැටීම් හමුවේ සජිත් ප්‍රේමදාසගේ පිලේ සාමාජිකයන් විසින් සරත් ෆොන්සේකාට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටී. එහි අලුත් ම පියවර ලෙස පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න යන දෙදෙනා ම සමගි ජන බලවේග ධාරාවේ අය නොවන බව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version