Site icon Gossip Kade

ළමුන් 100කින් 63කට දත් රෝග

මෙරට අවුරුදු 5-12ත් අතර වයස්වල දරුවන්ගේ දන්ත රෝග වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය දිලීප් ද සිල්වා මහතා මේ බව සඳහන් කළා.

ළමුන් 100 දෙනෙකු ගතහොත් ඉන් 63 දෙනෙකුට දත් කුහර තිබෙන බවත් ළමුන් 10ක් ගතහොත් 6 දෙනෙකුට දන්ත රෝග තිබෙන බවත් මහාචාර්යවරයා පැවසුවේ.

ඔහු පවසන්නේ, පෙර පාසල් කාලයේ සිට දරුවන්ගේ මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.

මහාචාර්ය දිලීප් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

“දවසට දෙපාරක්, ක්ලොරයිඩ් නැති දන්තාලේපයකින් දත් මදින්න. මදින හරි ක්‍රමය කියලා දෙන්න සහ පැණි රස කෑම අඩු කරන්න. වඩා පහසුයි පැණි රස කෑම ප්‍රධාන ආහාර වේලකට සීමා කරනවා නම්.”

Exit mobile version