Site icon Gossip Kade

සියළු කාණ්ඩවල උද්ධමනය ඉහලට..

අද දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2024 මැයි මාසයේ දී 1.6% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී ඇත.

2024 මැයි මාසයේ දී 0.5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූනි මාසයේ දී 1.9% ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, 2024 මැයි මාසයේ දී 2.4% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූනි මාසයේ දී 2.7% ක් දක්වා වැඩි වී ඇත.

Exit mobile version