Site icon Gossip Kade

සියලුම තේරීම් බාර නිලධාරීන් කොළඹට කැඳවයි

දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපතිවරණයේ තේරීම් බාර නිලධාරීන් ලෙස නිල වශයෙන් ම පත්වන අතර එම සියලු දෙනා අගෝස්තු 03 වෙනි දින කොළඹට කැඳවීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

එම හමුවේ දී තේරීම් බාර නිලධාරීන් දැනුවත් කිරීම, මැතිවරණ නීතිරීති, චක්‍රලේඛ පිළිබඳ පැහැදිලි කිරීම් සහ අවශ්‍ය උපදෙස් ලබා දී සම්බන්ධීකරණ කටයුතු මූලික වශයෙන් සිදු කිරීමට නියම කර ගෙන තිබේ.

ඉන් අනතුරුව, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ප්‍රධානීන් සහ නියෝජිතයන්, අදාළ රාජ්‍ය සංස්ථා සහ අනෙකුත් ආයතනවල ප්‍රධානීන් කැඳවා සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

Exit mobile version